හදිසි නීතිය ක්‍රියාත්මක වීමත් සමග, අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීම හමුදාවට අවසර හිමිවනවා. රඳවා ගැනීම සහ විමර්ශනය කිරීම අත්අඩංගුවට ගන්නා හමුදාවට හෝ වෙනත් පොලිස් කණ්ඩායමකට බලය හිමිවන්නේ නැත. එසේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අදාල පොලිස් ස්ථානාධිපතිවරයාට භාර දිය යුතුබවයි, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මාධ්‍යයට අදහස් දැක්වූ නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් යසන්ත කෝදාගොඩ පැවසුවේ. ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
එවැනි සැකකරුවකු පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතු වුවත්, හදිසි නීතිය බලපැවැත්වෙන අවස්ථාවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයකුට රැඳවුම් නියෝගයකින් දින 14ට නොවැඩි කාලයක් එම තැනැත්තා රඳවාගත හැක. ඊට වඩා වැඩි කාලයක් විමර්ශන සඳහා ගතවේනම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගතකළ හැක. සුවිශේෂී කරුණක් හේතුකොටගෙන හැර එවැනි තැනැත්තකුට ඇප ලබාදීමට හැකියාවක් ද නොමැති බවයි නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් යසන්ත කෝදාගොඩ පවසන්නේ.
හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමත් සමග ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයාට බලය හිමිවනවා. ඇඳිරි නීතිය උල්ලංඝනය සාපරාධී වරදක්වන අතර අවශ්‍යතා සලකා බලා, මහ ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර ලබාදීමට පොලිස් ස්ථානිධිපතිට අවසර හිමිවනවා.