කිලෝ ග්රෑම් 2යි ග්රෑම් 600 ක් පමණ වන හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කඩුවෙල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් තොගයෙන් කොටසක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීම ඔවුන් ළග තිබී ඇති අතර අනෙක් කොටස ඔවුන්ගෙන් එක් අයෙකුගේ නිවසේ තිබී සොයා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 3කට වැඩි බව ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම වසරේ මේ දක්වා සිදු කෙරුනු වැටලීම් වලින් එක් වරකදී සොයා ගත් වැඩිම හෙරොයින් තොගය ද මෙය වන බවයි පැවසෙන්නේ.