Friday, September 20, 2024

General line - 0115112241

කලබල එපා – ඒකාබද්ධ විපක්ෂය ශ‍්‍රීලනිපයට කියයි




ආණ්ඩුවට එරෙහිව මහනුවරින් ආරම්භ කෙරෙන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කලබලයට පත්විය යුතු නැතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එම විරෝධතා පාගමන ආණ්ඩුවට එරෙහි ක‍්‍රියාමාර්ගයක් මිස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි ක‍්‍රියාමාර්ගයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පැවසුවේ.

මෙම විරෝධතා පාගමනට සහභාගී වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු පසුගියදා කළ ප‍්‍රකාශයන්ටද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ප‍්‍රතිචාර දැක්වූ හඬපටය පහතින් ඇසිය හැකියි.