Friday, December 27, 2024

General line - 0115112241

සමස්ත ලංකා ජමෙතුල් උලමා සංවිධානයෙන් මුස්ලිම් ජනතාවට නිවේදනයක්

හේමන්ත කහවලගේ




සමස්ත ලංකා ජමෙතුල් උලමා සංවිධානය ඉස්ලාම් ජනතාව වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ, අද (09) දහවල් සිදු කෙරෙන දේව මෙහෙයදී සහ ඉන් පසුවත් සාමකාමීව කටයුතු කරන ලෙසයි.

අවශ්‍යතාවක් ඇත්නම් ඉස්ලාම් දේවස්ථාන තුල අද (09) සිදු කරන දේව මෙහෙයන්වල වේලාවන් භාරකාර මණ්ඩලයේ අනුමැතිය සහිතව වෙනස් කර ගැනීමට ද හැකියාව පවතින බවයි සමස්ත ලංකා ජමෙතුල් උලමා සංවිධානය නිවේදනය කළේ.

ආරක්‍ෂක අංශ සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.