ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කට්සුතෝෂි කවානා අද (09) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. ඒ, ජනාධිපති නිල නිවසේදීයි.
ශී‍්‍ර ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමට ජපාන නාවික හමුදාවේ සහාය ලබා දීමට කටයුතු කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්රධානිවරයා එහිදී පවසා තිබෙනවා. මෙරට නාවික හමුදාවට ජපානයේ පුහුණු අවස්ථා වැඩිකර දෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමකටද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා එහිදී එකඟත්වය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම හා ආපදා සහන සේවා පිළිබඳ තාක්ෂණික දැනුම හුවමාරු වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.