මහනුවර දිස්ති‍්‍රක්කයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් මෙහෙයවූ පිරිස් පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.
එම පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ මෙම සිද්ධියට ජාතික හෙළ උරුමය සම්බන්ධ බවට හුවා දැක්වීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවයි.
අපේක්ෂා භංගත්වය හේතුවෙන් රාජපක්ෂවරුන් මෙවැනි කටයුතු වල නිරත වන බවද ඇමතිවරයා මෙහිදී ප‍්‍රකාශ කලා .
අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.