මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැර ඇති බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
නාවල ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහරදීම සහ බීමතින් රිය පැදවීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විසින් ඊයේ (09) ඔහු අත් අඩංගුවට ගනු ලැබුවා.
කෙසේ වෙතත් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශ්වයන් සමථය පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු නොවු අතර බීමතින් රිය පැදවීමේ චෝදනාවට එරෙහිව ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙනවා.
ඒ අනුව අද (10) දින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.
------------------------
සරසවි සිසුන්ට පහර දුන් රමිත් රඹුක්වැල්ල අත් අඩංගුවට (10-03-2018 12:55)
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල් නාරහේන්පිට පොලිසිය විසින් ඊයේ (09) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවල ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහරදීම සහ බීමතින් රිය පැදවීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
රමිත් රඹුක්වැල්ල අද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.