Sunday, May 19, 2024

General line - 0115112241

මහනුවරට යළි ඇඳිරි නීතිය පනවන්නේ නෑ - පොලිස් මූලස්ථානය කියයි (AUDIO)




මහනුවර දිස්ත්‍රික්කයේ පවතින සාමකාමී වාතාවරණය සැළකිල්ලට ගනිමින් එම දිස්ත්‍රික්කයට තවදුරටත් පොලිස් ඇඳිරි නීති ක්‍රියාත්මක නොකිරිමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්  අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

එම දිස්ත්‍රික්කය තුල පසුගිය දිනවල පැවති සාපරාධි ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන කටයුතු ඉදිරියටත් සිදුකෙරෙන බවයි ඔහු කියා සිටියේ.

දිස්ත්‍රික්කයේ ආරක්ෂාව මේවන විටත් තහවුරු වී තිබෙනවා.