Sunday, May 19, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ජාලවලට නිසි නියාමනයක් අවශ්‍යයි

හර්ෂිකා සංජීවනී




සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම නොව ඒවා නියාමනය කිරිම සඳහා නිසි වැඩපිළිවෙළක් සැකසීමට අවශ්‍ය පියවර ගත යුතු බව තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක පවසනවා.

කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් පසු ඇතැම් පිරිස් විවිධ ඇප් භාවිත කර ඒවාට පිවිසීමට කටයුතු කර ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
 
සමාජ මාධ්‍ය ජාල හරහා තොරතුරු හුවමාරු කිරීමේදි වගකීමෙන් කටයුතු කළ යුතු බවයි එහිදී  අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ අධ්‍යාපන පුහුණු මණ්ඩලයේ සභාපති උපුල් දසනායක පැවසුවේ.