මහනුවර නොසන්සුන්තාවයේදී අත්බෝම්බයක් පිපිරිම හේතුවෙන් 29 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ කන්දක් ආශි‍්‍රත ප්‍රදේශයක මෙම බෝම්බය පුපුරා ගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයා එම කන්ද පහළ ප්‍රදේශයේ රැඳී සිට ඇති බවද කන්ද ඉහළ සිටි පුද්ගලයෙකු බෝම්බය පුපුරුවා හරින්නට ඇති බවද ප්‍රකාශ කෙරුණා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර ඔහු දැනට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මූලස්ථාන ප්‍රකාශකයා පැවසුවේ. එම සැකකරු 2014 වසරේ යුද හමුදාවට සම්බන්ධ වී 2015 වසරේදී යුද හමුදාව හැර ගිය අයෙකු බවද සඳහන්. පසුව ඔහු 2017 වසරේදී යුද හමුදාවෙන් නිල වශයෙන් ඉවත් වි ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තාවුණේ.
මේ අතර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවයේදී විෂ වායු අග්‍රාණය වී මුස්ලිම් තරුණයෙකු මියයාමේ සිද්ධිය පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙන්ගල්ල ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට පහරදීමේ සිද්ධියේ වීඩියෝ දර්ශන ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.