Tuesday, December 24, 2024

General line - 0115112241

හොරණ මූලික රෝහලේ වසර 07ක සිට පවතින ගැටලු තාම විසඳා නෑ

හේමන්ත කහවලගේ




හොරණ මූලික රෝහලේ දැඩි කාර්යය මණ්ඩල හිඟයක් පවතින බව එහි සේවකයින් පවසනවා.

රෝහල් ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 250ක් සාමාන්‍යයෙන් රෝහලේ සිටිය යුතු වුවද දැනට සිටින්නේ සේවකයින් 150ක් පමණක් බවයි. උපස්ථායක ඇතුළු සියලූ අංශවල සේවකයින් හිඟ බවද ඔහු කියා සිටියා.

මෙම කාර්යය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහලේ වාට්ටුවල, බාහිර රෝගී අංශයේ මෙන්ම සායනික කටයුතුද අකර්මණ්‍ය වි ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

වසර 7ක පමණ කාලයක සිට මෙම කාර්යය මණ්ඩල හිඟය පවතින බවද අවස්ථා කිහිපයකදී ඒ සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කර ඇති බවද අදාළ රෝහල් ප‍්‍රකාශකයා නෙත් නිවුස් වෙත කියා සිටියා. සිය ගැටලුවලට තවදුරටත් විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලට යොමු වීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසුවා.