ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (11) අන්තර්ජාතික සුර්ය බලශක්ති එකමුතුව අමතනවා. එය පැවැත්වෙන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.
ඊට සහභාගී වීම සඳහා ඊයේ (10) ඉන්දියාව බලා ගිය ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය ජනාධිපති රාම්නාද් කෝවින්ද් සමග ද්වී පාර්ශවික සාකච්ඡාවල ද නිරත වුණා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කියා සිටියේ සමස්ත ලෝකයම බලශක්ති අර්බුදයකට හා ගෝලීය උණුසුම ඉහළයාම පිළිබඳ බරපතල ගැටළුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ මෙවැනි සමුළු පැවැත්වීම ඉතා කාලෝචිත බවයි.
ශ්රී ලංකාවේ සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට පුළුල් වැඩපිළිවෙලක් සකසා ඇති බවද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එහිදී ඉන්දීය ජනාධිපතිවරයා හමුවේ කියා සිටියා.
ඇතැම් අන්තවාදී පිරිස් රට තුළ කළහකාරී තත්වයන් ඇති කරමින් සංහිඳියාව පලූදු කිරීමට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
කෙසේ වෙතත් පසුගිය දිනවල ශ්රී ලංකාවේ ඇතැම් ප්රදේශවල පැවති කලහකාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එහිදී ප්රකාශ කළා. ඉන්දීය සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.