Tuesday, December 24, 2024

General line - 0115112241

දින 02ක් වයසැති බිළිඳා සොරා ගත් 21ක් හැවිරිදි කාන්තාව අල්ලයි




වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන්, දින දෙකක් වයසැති බිළිදෙකු ‍සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

දරුවා මේ වන විට අනුරාධපුර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

බිළිඳා සොරකම් කිරීම සඳහා සැකකාර කාන්තාව ගැබිණියක සේ පෙනී සිටිමින් වවුනියාව ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකය වෙත ඇතුළුවී ඇති අතර එහි සිටි බිළිඳාගේ මව සමඟ සුහදව කතාබස්කොට මිතුරුවී ඇය කිසියම් අවශ්‍යතාවක් සඳහා බිළිඳා ඇඳ මත තබා පිටතට පැමිණි අවස්ථාවක අදාල කාන්තාව විසින් බිළිඳා පැහැරගෙන ගොස් ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවටගත් සැකකාර කාන්තාව කැබිතිගොල්ලෑව, වාහල්කඩ ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණ කාන්තාවක වන අතර ඇයව වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.