අද අහස වළාකුළුවලින් බරව පවතින වැසි සහිත කාළගුණික තත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දකුණු පළාතේ සහ මන්නාරමට අද (11) දිනයේ පැයට කිලෝමීටර් 50-60 ක් අතර තරමක තද සුළං ඇති විය හැකියි.
විශේෂයෙන් දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි වැසි අපේක්ෂා කරණ අතරම සබරගමු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
අකුණු මඟින් සිදුවන හානි අවම කිරීම සඳහා කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.