Tuesday, December 24, 2024

General line - 0115112241

අගමැතිට එරෙහිව ඒකාබද්ධය යළි වැඩ අරඹයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාවේ ඉදිරි කටයුතු මෙම සතියේ දී ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ලබන අගහරුවාදා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ. 

මෙම රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ කල් දැමුණු රැළිය පිළිබදව ද තීරණයක් ගනු ඇති බවත් ඉකුත්දා මහනුවර දී ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායක රැස්වීමේ සාකච්ජා පැවැත්වීමට නියමිතව තිබෙනවා.