යාපනය මෙලෙන්චිමුනෙයි ධීවර ගම්මානයේ පුද්ගලයින් 98 දෙනෙකු හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.
ඒ අදාළ ගම්මානයේ දේවස්ථානයක පැවැති උත්සවයකදී ලබා දුන් ආහාර විස වීමකින් බවයි වාර්තා වෙන්නේ.
මෙලෙන්චිමුනෙයි ගම්වාසීන් 700 ක් පමණ දෙනා එක්ව මෙම උත්සවය පවත්වා ඇති අතර අනතුරුව එහි සිටි සියලු දෙනාටම ආහාර ලබා දී තිබෙනවා.
ආහාර ගැනීමෙන් අනතුරුව ඊයේ (10) රාත්රියේදී සහ අද (11) උදෑසන වැඩිහිටියන් 53 දෙනෙකු හා ළමුන් 45 දෙනෙකුට වමනේ යාම සහ බඩ රිදීම වැනි රෝග ලක්ෂණ මතුවීමත් සමග පිරිස මෙලෙස රෝහල් ගත කෙරුණා.
කයිට්ස් ප්රදේශීය රෝහලේ පිරිස ප්රතිකාර ලබනවා.