මාකඳුරේ මදූෂ් නැමැති සංවිධානාත්මත අපරාධකරුගේ ප‍්‍රධානතම ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රබල ඇමතිවරයෙකු පොලීසියට දොස් පවරා ඇතැයි වාර්තා වනවා.
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාට දුරකතනයෙන් අමතා අදාළ ඇමතිවරයා බැන වැදී ඇති බවද සඳහන්.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කෙටි කාලයක් තුළදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු එක්සත් ජාතික පක්‍ෂයෙන් වැලිගම ප‍්‍රාදේශීය සභාවට තරග වැදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.
මාකඳුරේ මදූෂ් නැමැති සංවිධානාත්මත අපරාධකරුගේ ප‍්‍රධානතම ගෝලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණේ වැලිගම, මිදිගම ප‍්‍රදේශයේදීයි.
ඔවුන් සතුව තිබූ ආයුධ සහ මත්ද්‍රවය සම්බන්ධයෙන් මේවනවිට පරික්ෂණ කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. ප‍්‍රබල පාතාල කි‍්‍රයාකාරිකයෙකු බව පැවසුනු සමයං ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති මාකඳුරේ මදූෂ් විදේශ රටක සැඟවී සිටින බවටයි පැවසෙන්නේ.