Tuesday, December 24, 2024

General line - 0115112241

ධීවරයින්ට අනතුරු ඇගවීමක් - මුහුද රළු වෙයි

දිනුක් හේවාවිතාරණ




දැනට පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතියේ බලපෑම හේතුවෙන් යාපනය සිට මන්නාරම, කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදේ සුළං වේගය පැයට කිලෝම්ටර් 70-80ත් අතර අගයක් ගනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දැඩි සුළං තත්වය මත එම මුහුදු කළාපය රළු ස්වභාවයක් ගනු ඇති අතර, ඒ නිසා ඉදිරි පැය 48ක කාලය තුල ධීවර හා නාවික කටයුතු වලින් වැලකි සිටින්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදිප් කොඩිප්පිලි සදහන් කර සිටිනවා.

රටේ සෙසු මුහුදු කලාපයන්හි සුළං වේගය පැයට කිලෝමිටර් 50 ක පමන අගයක් ගන්නා බවත් දිවයිනේ බොහෝ පළාත් වලට අද දිනයේ මිලිමිටර් 100 ඉක්මවු වැසි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සදහන් වෙනවා.