Tuesday, December 24, 2024

General line - 0115112241

ජනපති ජපානයේ නිළ සංචාරයක් අරඹයි




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ජපාන නිළ සංචාරය ආරමිභ කරමින් අද (12) පෙරවරුවේ ජපානයට පැමිනියා.

ඒ ඉන්දියාවේ දෙදෙදින නිළ සංචාරය අවසන් කරමින් ජපානය බලා පැමිණි ජනාධිපතිවරයාව එරට විශේෂ ධුත පිරිසක් විසින් නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදි පිළිගනු ලැබුවා.

මෙම රාජ්‍ය සංචාරය ජනාධිපතිතුමා ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා සහ ම්ච්කෝ රැජිණ හමුවිමට නියමිත අතර, එරට රජයේ ඉහළම ගෞරවය පිළිගන්වමින් නිල වශයෙන් ජනපති පිළිගැනිමේ උත්සවය 14 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැත් වෙනවා.

ඉන් අනතුරුව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා හා ජනාධ්පතිවරයා අතර ද්විපාර්ශවික සාකච්ජා පැවැත්විමට නියමිතයි. එහිදි දෙරට අතර ආර්ථික, වෙළෙද සහ සංස්කෘතික සබදතා ශක්තිමත් කර ගැනිම සම්බන්ධයෙන් පුළුල්ව අවධානය යොමු කිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටිනවා.