කැළණිය, වත්තල හා බියගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශ මෙන්ම පෑලියගොඩ හා වත්තල නගර සභා බලප්‍රදේශවලට හෙට (13) පෙරවරු නවයේ සිට පස්වරු 6 දක්වා පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා.
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අත්‍යවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි. බියගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවන්නේ ගෝනවල පාර, මගුරුවිල පාර, විජයරාම පාර හා බොරලෑගල යන ප්රදේශවලටයි.