දුම්රිය අනතුරු අවම කර ගැනීම සදහා අද සිට විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කෙරෙනවා. ඒ අනුව ජනතාව දැනුවත් කිරීම සහ පුවරු සවි කිරීමටද නියම්තයි.
එමෙන්ම දුම්රිය හරස් මාර්ග අසල පරාවර්ථක කණ්නාඩි සවි කිරීමද සිදුවනවා. එහි සමාරම්භය සිදුවන්නේ නාවින්න දුම්රිය හරස් මාර්ගයේදීයි.
දුම්රිය අනතුරුවලින් මෙම වසර තුළ පමණක් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 35 ක්. ඉකුත් වසරේදී දුම්රිය අනතුරුවලින් පුද්ගල මරණ 950 කට වැඩි සංඛ්‍යාවක් සිදු වූ බවයි වාර්තා වෙන්නේ.