ශි‍්‍ර ලංකාවට බිත්තර ආනයනය කිරිම තාවකාලිකව නතර කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ, දේශීය අවශ්‍යතාව ඉක්මවූ බිත්තර නිෂ්පාදනයක් මෙරට වෙළඳපළ තුළ පවතින බැවින්.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිහාල් වෙඩිසිංහ ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය පී හැරිසන් ද දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව, බිත්තර ආනයනය තාවකාලිකව නතර කිරීම පිළිබඳ ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය හා රේගුවද දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.