Friday, September 20, 2024

General line - 0115112241

පුද්ගලික රෝහල් ගාස්තුවෙන් වැට් ඉවත් කිරීමට ජනපතිගෙන් උපදෙස්




දුම්වැටි සඳහා පනවා ඇති වැට් බද්ධ ඉහළ නංවා පුද්ගලික රෝහල් ගාස්තුවලින් අය කෙරෙන වැට් බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තමන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද (23) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ශ‍්‍රී ලංකා අමධ්‍යප මහා සභාවේ 104 වන සංවත්සර උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මිනිස් ජීවිත විනාශ කරන දුම්වැටියෙන් සහ මත්ද්‍රව්‍යවලින් අනාගත පරපුර ආරක්ෂා කරගැනීම සඳහා ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.