රුසියාව විසින් බ්‍රිතාන්‍ය ගත් තීරණයට ප්‍රතිචාර දක්වා තිබෙනවා. විදෙස් වාර්තා කියා සිටියේ
බ්‍රිතාන්‍ය ගත් තීරණයට අනුව රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් එය සනාථ කරමින් නිල ප්‍රකාශයක් ලබාදී ඇති බවද සඳහන්.
බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 23 දෙනෙකු නෙරපන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ඊයේ (15) ප්‍රකාශ කළා.
බ්‍රිතාන්‍යයේ සිටි රුසියානු රහස් ඔත්තුකරුවෙකුට රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් ශරීරගතවු බවට පසුගියදා අනාවරණය වුණා.
ඊට අදාළ පරීක්ෂණවලට සහාය දැක්වීමට රුසියානු බලධාරින් එකඟ නොවීමත් සමඟ ඔවුන් නෙරපා දැමීමටයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තීරණය කළේ.