Friday, September 20, 2024

General line - 0115112241

ගජමුතු සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට




කුරුණෑගල මීගලෑව රක්ෂිතයේදී ගජ මුතු අළෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපාය දූතයන් මාර්ගයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගජමුතු දෙකක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් රුපියල් ලක්ෂ 18 කට මෙම ගජමුතු අළෙවි කිරීමට සූදානමින් සිට ඇති බවයි මීගලෑව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.