Friday, September 20, 2024

General line - 0115112241

යාපනය සරසවියේ අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි




යාපනය විශ්වවිද්‍යාලයේ පැවති ගැටලුකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා පැවසුවේ වෛද්‍ය, ඉංජිනේරු හා කෘෂිකර්ම යන පීඨවල ඊයේ (23) දිනයේදී සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු සිදුවූ බවයි.

එසේම වෛද්‍ය පීඨයේ දේශනවාර කිහිපයක් තමන් පැවැත්වූ බවද මහාචාර්ය මොහාන් ද සිල්වා සඳහන් කළා.  කළමනාකරණ, විද්‍යා සහ කලා පීඨවල අධ්‍යයන කටයුතු හෙට (25) දිනය වන විට ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි සභාපතිවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඉකුත්දා ඇති වූ ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.