Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට වැඩම කළ බුද්ධ ප්‍රතිමාවේ හිස කඩා විනාශ කරයි (PHOTO)

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ සිට කැනඩාවේ ඔටාවා නුවර වෙත වැඩම කළ  බුද්ධ ප්‍රතිමාවක් කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා ඇති බව ඔටාවා නුවර පොලිසිය පවසනවා. මෙම බුද්ධ ප්‍රතිමාව ඉකුත් 19 වැනිදා රාත්‍රීයේ දී විනාශයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 

අදාළ බුද්ධ ප්‍රතිමාවේ හිස් කොටස කිසියම් පිරිසක් විසින් කඩා විනාශ කර ඇති බව ඔටාවා නුවර පොලිසිය පවසා තිබෙනවා..

 

ඔටාවා නුවර හෙරෝන් වීදියේ පිහිටි හිල්ඩා ජයවර්ධන බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරියේ මෙම බුද්ධ ප්‍රතිමාව තැන්පත් කර තිබු අතර එම මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන්වල නිරත වන පිරිස් එම ප්‍රතිමා වහන්සේ වන්දනා කිරිමෙන් සිතට සැනසුමක් ළඟා කර ගත් බවයි මධ්‍යස්ථාන භාරකරු සඳහන් කර ඇත්තේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් ඔටාවා නුවර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම බුද්ධ ප්‍රතිමාව විනාශ කිරිම පිටුපස බෞද්ධ විරෝධි කුමන්ත්‍රණයක් තිබිය හැකි බව පොලිසිය සඳහන් කළ බවයි හිල්ඩා ජයවර්ධන බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.