Sunday, May 5, 2024

General line - 0115112241

පුටින්ට අමෙරිකාව ඇතුළු තවත් රටවල නායකයන් සුබ පතයි




සිව්වන වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ව්ලැදිමීර් පුටින්ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. එමෙන්ම, සිරියානු හා යුක්රේන අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට අනාගතයේදී ඔවුන් දෙපළ හමුවෙනු ඇති බවටද ජනාධිපති ට්‍රම්ප් ඉඟි පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

 

මේ අතර ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රන් ඇතුළු බටහිර නායකයින් රැසක් මෙන්ම යුරෝපා කොමිසමේ ප්‍රධානී ජීන් ක්ලෝඩ් ජන්කර් ද රුසියානු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

 

චීන ජනාධිපති ෂී - ජින්පින්, ජනාධිපති පුටින් වෙත සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් සඳහන් කළේ චීනය හා රුසියාව දැන් ඉතිහාසයේ ශක්තිමත්ම සබඳතාවකින් බැදී සිටින බවයි.

 

කසකස්ථානය, බෙලෝරුස් ජනරජය, වෙනිසියුලාව, බොලීවියාව සහ කියුබාව යන රටවල නායකයන් ද ජනපති පුටින් වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.

 

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද රුසියාවේ සිව්වැනි වරටත් තේරිපත්වූ ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත සිය සුබ පැතුම් එක්කර තිබුණා.

 

කෙසේ වෙතත් විදෙස් වාර්තා ඊයේ (20) සඳහන් කළේ බටහිර රටවල නායකයන් ජනාධිපති පුටින් නැවත වරක්, තවත් 6 වසරක් සඳහා ජනපති ධුරයට පත්වීම පිළිබඳව මුනිවත රකින බවයි.