Friday, September 20, 2024

General line - 0115112241

පාලක සභාවෙන් තමා ඉවත් කළ හේතුව නිර්මාල් කියයි




ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවේ කටයුතු කළ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ඔවුන්ගේ කැමැත්ත විමසීමකින් තොරව එම ආයතනයෙන් ඉවත් කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ලිඛිතව දැනුම් දී ඇති බවයි. මෙය ඉතා පිළිකුල් සහගත කි‍්‍රයාවක් වන බවයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන්ද විමසීමක් කළා. එහිදී හෙතෙම සඳහන් කළේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික  ක්‍රියාකලාපයන් විවේචනය කිරීම හේතුවෙන් ගැටළු පැවැති බවයි.

රුපියල් මිලියන දෙකහමාරක් වියදම් කර මහනුවර වැඩමුළුවක් පවත්වා තිබූ බවත් ඊට පාලක සභාවේ අනුමැතිය හිමි නොවූ බවත් සඳහන් කළා.