වලසෙකුගේ පහරකෑමට ලක්වූ කන්තලේ වෙන්දාසපුරම් ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු කන්තලේ මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වලස් ප්රහාරයකට ලක්ව ඇත්තේ 16හැවිරිදි අයෙකු සහ 40 හැවිරිදි පුද්ගලයෙක්.
පසුගිය දින කිහිපයේදී සැරිසරන වලසෙකු පළවා හැරීම සඳහා ප්රදේශයේ තරුණයන් රැකවල්ලා සිටියදි හදිසියේම එම වලසා තුවාල ලැබූ පුද්ගලයන්ගේ නිවසට කඩා වැදී තිබෙනවා. වලසා සමග පොර බදිමින් සිටි පුද්ගලයින් දෙදෙනා අසල්වාසීන් පැමිණ මුදා ගෙන අද (28) අලූයම රෝහල් ගත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.