ග්ලයිෆොසෙට් තහනම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විද්වත් කමිටු පත් කිරීම හාස්‍යජනක කි්රයාවක් බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා. ග්ලයිෆොසේට් වල් නාශකයෙන් ඇතිවන හානිදායක තත්ත්වයන් පිළිබඳ පර්යේෂණ ගණනාවකින් තහවුරු කර තිබියදී එවැනි කමිටුවක් පත් කිරීම අවශ්‍ය නොවන බවයි මහාචාර්යවරයා පෙන්වා දුන්නේ.
ගැටලූ යටපත් කිරීමට කමිටු පත් කිරීම වර්තමානයේ රට මුහුණ පා ඇති ව්‍යවසනයක් බවද මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මෙහිදී පෙන්වා දුන්නා.