Tuesday, May 7, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයා චීනයට වූ පොරොන්දුව

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




න්‍යෂ්ටික කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා සිය රටට  පොරොන්දුවක් ලබා දුන් බව චීනය පවසනවා.  චීනය මේ බව පැවසුවේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සිට රටට පැමිණි බව තහවුරු කිරිමෙන් අනතුරුවයි. ඒ අනුව උතුරු කොරියානු නායකයාගේ සංචාරයේදී ඔහු ජනාධිපති සී ජින් පින් හමුවූ බවත් එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නායකයින් දෙපළ අතර සුහද සාකච්ඡා පැවැති බවත් චීන මාධ්‍ය අනාවරණ කළා.  ඒ අනුව උතුරු කොරියාව සමග පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගන්නා බවයි චීන ජනාධිපති සී ජින් පින් මෙම හමුවේදී පවසා ඇත්තේ.

ජාත්‍යන්තරයේ හුදෙකලා පෙරළිකරුවා ලෙස සැලකෙන උතුරු කොරියාවට සිටින එකම සමීපතමයා වන්නේ චීනයයි. ඒ අනුව දකුණු කොරියාව හා අමෙරිකාව සමග පැවැති අර්බුධ නිමා කර ගැනීමටද චීනය,  උතුරු කොරියාව වෙත සහාය පළ කරමින් සිටිනවා. උතුරු කොරියානු නායකයා එළඹෙන මාස දෙක තුළදි දකුණු කොරියානු හා අමෙරිකානු නායකයින් හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඒ සඳහා චීනයද මැදිහත්කරුවෙකු වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.