Monday, April 29, 2024

General line - 0115112241

ස්මිත්-වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක්

කසුන් කැළුම්-විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරිමේ චෝදනාවට වැරදිකරුවන් වු ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ස්ටිවන් ස්මිත්, උපනායක ඩෙව්ඩ් වෝනර් හට එරට ක්‍රිකට් ආයතනය විසින් වසරක ක්‍රිකට් තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඊට අමතරව එම චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවු ආරම්භක පිතිකරු ඩෙව්ඩ් බැන්ක්‍රෝෆ්ට් හට මාස 09ක තරග තහනමක් පැනවිමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන්නේ.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් එරට ක්‍රීඩා ලෝලින් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ දැඩි දෝෂ දර්ශනයකට ලක්ව තිබෙනවා.