Monday, April 29, 2024

General line - 0115112241

රටක ගෞරවය නැති කරන්න ක්‍රීඩකයන් තුන් හතර දෙනෙකුට යන්න සුළු කාලයයි - තිසර ගැන මට ආඩම්බරයි - තිලංග

කසුන් කැළුම්




රටක් වසර ගණනාවක් ගොඩනගා ගත් කීර්තිනාමය බිද හෙලන්නට ක්‍රීඩකයින් තුන් හතර දෙනෙකුට ගත වන්නේ සුලු කාලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. දකුණු අප්‍රිකාව සමග පැවැති 3 වන ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තුන් දෙනෙකු පන්දුව පළුදු කිරීමේ වරදට හසුවීම පිළිබදව අදහස් දක්වමින් තිලංග සුමතිපාල මෙම අදහස් පළ කළා. ඒ සුපර් ෆෝ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය එළිදැක්වීම පිළිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

පන්දුව පළුදු කිරීමේ වරද පිළිගත් ඔස්ට්‍රේලියානු නායක ස්ටිව් ස්මිත් , ඩේවිඩ් වෝර්නර් වසර බැගින් තරග තහනමක් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් ට මාස 9ක තරග තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය අද තීරණය කළා. ස්ටීව් ස්මිත්ට සහ ඩේවිඩ් වෝර්නර් වසර දෙකක් යන තෙක් කණ්ඩායමේ නායකත්වය දැරිය නොහැකි බවද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

මෙම සිද්ධිය පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල කියා සිටියේ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින් නොඉක්මනු ලෙස හැසිරුණද තිසර පෙරේරා එහිදී හැසිරුනු ආකාරය පිළිබද තමන් ආඩම්බර වන බවයි. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ තිලංග සුමතිපාල…

"දැන් බලන්න ඔස්ට්‍රේලියාව රටම උස්සලා පොලේ ගහලා තියෙනවා පන්දුව පළුදු කිරීමේ චෝදනාව නිසා. ඔස්ට්‍රේලියාව කියන්නේ ක්‍රිකට් වෙනුවෙන් ලොකු සේවයක් කරපු රටක්. ක්‍රීඩකයින් තුන් හතර දෙනෙකුට පුළුවන් වසර ගණනාවක් රටක් ගොඩනගා ගත් කීර්තිනාමය එක පැය ගානකින් නැති කරන්න. ඒ නිසා නීත්‍යානුකූල නොවන දේවල්වලට ක්‍රීඩාවේ කීර්තිනාමය කෙලෙසන දේවල්වලට ලංකාවේ කිසිදු කණ්ඩායමක් කවදාකවත් උනන්දු වෙන්න නරකයි. එදා බංග්ලාදේශය සමග පැවති තරගයේදී තිසර පෙරේරා හැසිරුණු ආකාරය ගැන මං ආඩම්බර වෙනනවා. එයා පැටලෙන්න ගියේ නැහැ. ඒක හොදයි. "