Friday, September 20, 2024

General line - 0115112241

එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කෙරෙයි




මඩකලපුව එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයේදී මෙම ඝාතන සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනයන් සිදු කර තිබෙන අතර ඝාතනයට ලක්ව ඇත්තේ 24 වැනි වියේ පසුවූ කාන්තාවක් සහ ඇගේ මාස 18 ක බිළිදෙකුයි. තවද එම කාන්තාවගේ පියාද මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල බලා රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබෙනවා.

ඝාතනය කිරීමෙන් පසුව මව සහ දියණියගේ සිරුරු නිවස අසල ළිදකට දමා තිබියදී සොයා ගෙන තිබුණා.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

madakalapauwa 02 madakalapuwa 01