Monday, April 29, 2024

General line - 0115112241

වංචා කළ ස්ටීවන් ස්මිත්ට සිය රට බලා එන අතරතුර කිසිදා නොසිතූ ඉරණමකට මුහුණ දෙන්න වෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




මාගේ නායකත්වය මත සිදුවු වැරැද්ද ගැන මම සමස්ත ඕස්ට්‍රේලියානු ජාතියෙන්ම සමාව ඉල්ලනවා" හිටපු ඕස්ට්‍රේලියානු නායක් ස්ටිවන් ස්මිත් සිය තරග තහනමෙන් පසුව පළමුවරට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් අද (29) කියා සිටියා.

කණ්ඩායමේ නායකයා වශයෙන් මම සියළුම වගකීම් භාර ගන්නවා. ඒ වගේම තීරණ ගැනිමේදි මා අතින් දරුණු විදිහේ අතපසුවිම් සිද්ධ උනා, යැයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු නායකයා කියා සිටියා.

මෙවැනි දෙයක් වුණ පළමු වතාව මෙයයි. මින් පෙර කිසිම අවස්තාවකදී අපි පන්දුව පළුදු කලේ නැහැ යැයි මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියා.

ස්ට්ව් ස්ම්ත්ගේ මෙම මාධ්‍ය හමුව අතර තුරේදි ඔහු ඉතා වේදනාවෙන් කතා කල අතර අවස්ථා කිහිපයකදීම හඬා වැටෙන අයුරු දක්නට ලැබුනා.

මේ අතර හිටපු ඕස්ට්‍රේලියා නායකයා දකුණු අප්‍රිකාවේ සිට සිය රට බලා එන අවස්ථාවේදි එහි සිටි පුද්ගලයින් ඔහුට බැනවදින අයුරු රැගත් විඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

එම වීඩියෝ පහතින් දැක්වෙයි.