2017 සාමන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවියක් ප්‍රතිඵල පිටවීමෙන් පසු ඊයේ (29) අළුයම ළිඳට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.
පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේ මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි ප්‍රදේශයේ පදිංචි සිසුවියක් මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි.
මුලතිව් වල්ලිපුලම් මහා විද්‍යයාලයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි මෙම සිසුවිය ශාන්තලිංගම් ආශියා නැමත්තියක බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.
සිසුවියගේ පියා යුද සමයේදී බෝම්බයකට හසුව මිය ගොස් ඇති හෙයින් ඇයගේ මව වෙනත් විවාහයක් කරගෙන ඇති අතර මේ හේතුව නිසා සිසුවිය ජීවත්ව ඇත්තේ ඇයගේ මිත්තනිය සමීපයේයි.
පසුගිය 28 වැනිදා රාත්‍රියේ විභාග ප්‍රතිඵල නිකුත් වූ අවස්ථාවේ සිට ඉතා දුකින් රාත්‍රි කාලය ගෙවූ බවටත් පසුව නිවසේ ඇය නොසිටි හෙයින් සෝදිසි කර බැලූ බවත් එහිදී ගෙවත්තේ පිහිටි ළිඳට පැන ඇති බවට ලකුණු පහල වීම හේතුවෙන් අසල් වැසියන් හා එක්ව පරික්ෂා කිරීමේදී සිසුවියගේ මළ සිරුර හමු වූ බවත් මිය ගිය සිසුවියගේ මිත්තනිය විසින් පුදුකුඩිඉරිප්පු පොලීසියට පවසා තිබුණා.