Monday, April 29, 2024

General line - 0115112241

ස්මිත් හා වෝනර් ගෙදර යැවු කැමරාකරු මොහුයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන් 




පසුගියදා දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්වන ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියත් සමග ලොවපුරා මතභේදාත්මක සිද්ධියක් බවට එය පත්වුනා. 

ටෙස්ට් තරගය අතර තුරේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රාෆ්ට් විසින් කහ පැහැති ටේප් පටියක් වැනි දෙයකින් පන්දුව පළුදු කරන අයුරු හා පසුව එය තම කලිසම තුල සගවා ගන්නා අයුරු ඉතා පැහැදිලිව කැමරාවේ සටහන්ව තිබුනා. එම දර්ශන රුගත කල කැමරාකරු කවුද යන්න ගැන මේවන විට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

උපතින්ම දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වන සෝටානි ඔස්කාර් ගේ උකුසු ඇසින් එදා බැන්ක්‍රොෆ්ට් හට ගැලවෙන්න හැකියාවක් නොලැබුණේ ඔහු සිය රාජකාරිය දේවකාරිය සේ සලකා කරන නිසා බැවින් යයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. 

තාක්ෂණික නිලධාරියෙක් ලෙස සිය වෘත්තිය ආරමිභ කරන සෝටානි ඔස්කාර් හට කැමරා ශිල්පියෙක් වීමට ඉඩහසර ලැබෙන්නේද අමුතුම ආකාරයකටයි. ඒ 2007 වසරේදී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අතරවාරයේදී එක් කැමරා ශිල්පියෙක් හදිසියේ අසනීපවීම හේතුවෙන් එම කැමරාව බාර ගන්නා සෝටානි ඔස්කාර් ඉන් පසුව නිත්‍ය කැමරාශිල්පියෙක් බවට පත් වෙනවා.

අනෙක්  කැමරාශිල්පින් ක්‍රිකට් තරගයක් ආවරණය කිරීමේදී සාමාන්‍ය ඇදුම් වලින් සැරසි සිටින්නේ අධික අව්රශ්මිය දරා ගැනීමට තිබෙන අපහසුතාවය මග හරවා ගැනීමට වුවත් සෝටානි ඔස්කාර් සෑම විටම තරග ආවරණය කිරීමට පැමිනෙන්නේ සම්පුර්ණ යුරෝපිය ඇදුම් කට්ටලයකින් සැරසී ගෙනය. ඒ හේතුවෙන් ඔහුව ක්‍රිකට් රසිකයින් ගේ ආකර්ෂනය දිනා ගැනීමට සමත්ව සිටිනවා.

ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් හට තරග තහනම් කිරීමට තුඩු දුන් හේතුව වුණේ ඔස්කාර්ගේ උකුසු ඇස නිසායි. 

සෝටානි ඔස්කාර් මේ වන විට ලොව පුරා ජනප්‍රියවී හමාරයි. ලොවපුරා ක්‍රීඩකයින් ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටිනවා.