ගෘහ සේවක සේවිකාවන් සඳහා අර්ථ සාධක අරමුදල් හඳුන්වා දෙන්නට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී අර්ථ සාධක අරමුදල් ලබා දීම වෙනුවෙන් පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න පැවසුවේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් නව කම්කරු කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාද මීට එක්ව සිටි අතර නව කම්කරු කාර්යාලය සඳහා රුපියල් මිලියන 160ක් වියදම් කොට තිබෙනවා.