Monday, April 29, 2024

General line - 0115112241

ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ගේ සහයට පැමිණෙන ක්‍රීඩකයින් ටික ටික වැඩිවෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




වසරක තරග තහනමකට මුහුණ දී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් හා කැමරන් බැන්ක්‍රාෆ්ට් ගේ සහයට මේවන විට ලොව අනෙකුත් ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩකයින් හා ක්‍රීඩාලෝලීන් පෙරට පැමිණ සිටිනවා.

දකුණු අප්‍රිකාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නායක ෆැෆ් ඩුප්ලසිස් කියා සිටියේ තමා විසින් හිටපු ඕස්ට්‍රේලියානු නායකයාට කෙටි පණිවිඩයක් යැවු බවත්, ඔහුට මේ අවස්ථාවේදී සහය දීමට ඉදිරිපත් වන බවයි. " ඇත්තටම වසරක තරග තහනමක් කියන්නේ බරපතල වැඩි" දකුණු අප්‍රිකානු නායකයා කියා සිටියා.

මේ අතර ඉන්දියානු ක්‍රීඩකයින් රවිචන්ද්‍රන් අශ්වින්, ගෞතම් ගාම්භීර්, රෝහිත් ශර්මා ඇතුලු ක්‍රීඩකයින් රැසක් ස්ටීවන් ස්මිත් ඇතුළු තරග තහනමට ලක්වූ ක්‍රීඩකයින්ට සිය සහය පලකරමින් ටුවිටර් පණිවිඩ පවා නිකුත් කර තිබෙනවා.

මිට අමතරව එංගලන්තයේ හිටපු නායක මයිකල් වොන්, මැට් ප්‍රයර් පාකිස්ථාන හිටපු වේග පන්දු ක්‍රීඩක ෂොයිබ් අක්තාර් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මේවන විට ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් හට සහය පල කර සිටිනවා.