Monday, April 29, 2024

General line - 0115112241

ඔවුන්ට තව අවස්ථාවක් දෙන්න! මැතිව්ස්ගෙන් ට්විටර් පණිවුඩයක්

චම්ලි ඒකනායක




ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්, වසරක තරග තහනමකට මුහුණ දී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් හා කැමරන් බැන්ක්‍රාෆ්ට්හට තව අවස්ථාවක් ලබා දියයුතු බව පවසමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු, එය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවයි පවසන්නේ.

වරද බරපතලමුත්, අවස්ථාවක් ලබා දෙන්නේ නම් ඔවුන් ඒ වැරදි නිවැරදි කරගනු ඇති බවයි මැතිව්ස් පවසන්නේ.