Tuesday, May 7, 2024

General line - 0115112241

ලොවට හොරෙන් ඇන්ටාටිකා මුහුදේ ජපානය කල දේ මෙන්න

දිනුක් හේවාවිතාරණ-විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇන්ටාටිකා මුහුදු තීරයේ තල්මසුන් දඩයම් කිරිම සදහා ජපානෙන් පිටත්ව ගිය නෞකාවන් 05 ක් "මින්කේ" වර්ගයේ තල්මසුන් 333 දෙනෙක් දඩයම් කර ගැනිමෙන් අනතුරුව යලි සිය රට බලා පැම්නි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර වනජීවි සම්මුතින් අනුව තල්මසුන් දඩයම් කිරිම තහනම් වුවද පර්යේෂණ කටයුතු සදහා පමනක් සිමිත තල්මසුන් සංඛ්‍යාවක් දඩයම් කිරිමට හැකියාවක් පවතිනවා.

කෙසේ වුවත් වාර්ෂිකව ජපානය විසින් මෙලෙස තල්මසුන් දඩයමි කිරිම සිදුකරන අතර ඔවුන් ඒ සදහා දඩමීමා කර ගෙන සිටින්නේ පර්යේෂණ කටයුතු සදහා පමනක් තල්මසුන් දඩයම් කිරිම සදහා ලබාදි තිබෙන කොන්දේසියයී.

ජපානය තුල තල්මසුන් සදහා ඉහල ඉල්ලුමක් පවතිනවා. ජපානයට අමතරව නොර්වේ, අයිස්ලන්තය, ග්‍රින්ලන්තය, කැනඩාව හා අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල තල්මසුන් ගෙන් පිළියල කරන ආහාර සදහා ඉහල ඉල්ලුමක් තිබෙනවා.