Sunday, September 8, 2024

General line - 0115112241

ඩුබායි සමාජ මාධ්‍යජාල වලට තහනමක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන් 




මින් ඉදිරියට ඩුබායි සමාජ මාධ්‍යජාල වල රිය අනතුරු සම්බන්ධයෙන් වන ජයාරූප පළකිරීම එරට ආක්ෂක අංශ විසින් තහනම්  තිබෙනවා.

"ඔබ වාහනයක ගමන් කරන විටදී යම් රිය අනතුරක් දුටුවහොත් ඔබගේ දුරකථනය රැගෙන එහි ජයාරූප ගෙන සමාජ මාධයජාල වල පලකිරිම මින් ඉදිරියට තහනම්. එසේ සිදුකළහොත් ඔබ කර තිබෙන වැරැද්දේ ස්වභාවය අනුව ලැබෙන දඩුවම වෙනස් වෙන්න පුළුවන්, එහි තේරුම වන්නේ සමහර විට සිරදඩුවම් වලට පවා යටත් වීමට ඉඩ තිබෙනවා" යැයි අබුඩාබි පොලිසියේ උසස් නිළධාරියෙක් ගල්ෆ් නිවුස් සේවය වෙත කියා සිටියා. 

" සමහර අවස්ථාවල මෙසේ ජයාරූප පල කරන විට සමාජ මාධ්‍යජාල භාවිතා කරන පුද්ගලයින් අසත්‍ය ප්‍රවෘත්ති පළකරනවා. ඉන් පැතිරී යන අනවබෝධය නිසා ඇතිවන ගැටළු අසීමිතයි. එය නැති කරන්නයි මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවුනේ" එම උසස් පොලිස් නිළධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මේ අතර පසුගිය වසර තුලදී ඩුබායි මුහුදු තිරයේදී කාන්තාවන්ගේ දැනුවත් භාවයෙන් තොරව ඔවුන්ගේ ජයාරූප ගත් පුද්ගලයින් 289 දෙනෙක් අත්අඩංගුවට ගත් බවද එරට පොලිසිය සඳහන් කරනවා.