යාපනය, පේදුරුතුඩුව අම්බාන් ප්රදේශයේදී නිවසකින් කාන්තා මළ සිරුරක් හා බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් හමුවීමත් සමග අද (02) දහවල් එම පළාත තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ මළ සිරුරත් තුවාල කාරියගේ සිරුරත් සම්පූර්ණයෙන්ම ලෙයින් නැහැවී තිබුණු බැවින් මේ සිද්ධිය මිනී මැරුමක් බවට සැකකරණ බවයි.
මව හා දියණිය පමණක් මේ නිවසේ තනිවම ජීවත් වන අතර මවට තදබල ලෙස පහර දී දියණිය ඝාතනය කොට දමන්නට ඇති බවට පොලීසිය සැක කරනවා. මියගිය දියණිය 58 හැවිරිදි නල්ලතම්බි දේවකී වන අතර බරපතල තුවාල ලබා ඇත්තේ ඇයගේ මව වන 78 හැවිරිදි නල්ලතම්බි සෙල්ලම්මා නැමති වයෝවෘද්ද කාන්තාවයි.
තුවාල ලැබූ කාන්තාව මේවන විට පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
මෙම සිද්ධිය සැලවීමත් සමඟම ප්රදේශයේ ජනතාව එම ස්ථානයට පැමිණ කුපිත ලෙස හැසිරීම නිසා පොලීසියට ඔවුන්ව පාලනය කරගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවූ බව අප වාර්තාකරු පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු හෙලී වී නොමැති අතර අදලා සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩි දුර පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.