Saturday, January 4, 2025

General line - 0115112241

සරසවි අනධ්‍යයන සේවක වර්ජනය අනිද්දා අවසන් - චක්‍රලේඛය නිකුත් කරන තුරු බලා ඉන්නවා වෘත්තීය සමිති කියයි

දිනුක් හේවාවිතාරණ




උසස් අධ්‍යාපන හා  මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ අද (2) පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවක් මත ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්  දින 34ක් පුරා පවත්වාගෙන ගිය වැඩවර්ජනය අනිද්දා (4) සිට අවසන් කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ පවසනවා.

සිය  වෘත්තීය සමිති විසින් ඉල්ල සිටි සියයට 35ක් වන මාසික හිලව් දීමනාවෙන් සියයට 10ක් මෙම මස හෝ ලබන මස වැටුප සමඟ ලබාදීමට හා ඊට අදාළ චක්‍රලේඛය හෙට (3) නිකුත් කිරීමට අමාත්‍යවරයා එකඟ  වූ බවත්, එම චක‍්‍රලේඛය නිකුත් වූ පසු වැඩවර්ජනය අවසන් කරන බවත් ඔහු ප‍්‍රකාශ කළා.