කිසියම් අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුනහොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කල ප්‍රකාශයට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද ප්‍රතිචාර දැක්වූවා.
"එතුමා හිතනවද අපේ බලාපොරොත්තුවක් තියනවා කියලා විශ්වාසභ්න්ගයට සහයෝගය නොදී තවදුරටත් ආණ්ඩුවේ රදා පවතින්න ? අපිට ඊට වඩා ආත්ම විශ්වාසයක් සහ ශක්තියක් තියනවා. මොකද ජනතාවගේ මතයයි අපි පාර්ලිමේන්තුවේදී නියෝජනය කරන්නේ" යනුවෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියා.