ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර මේ වන විට ජනාධිපති නිල නිවසේදී සාකච්ජචාක් පැවැත්වෙන බව වාර්තා වෙනවා. මෙම සාකච්ජාව සඳහා රජයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද අද රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතව සිටියා.
අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අතර හමුවක් ජනාධිපති නිල නිවසේදී පැවති අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ජා කර තිබෙන බව වාර්තා වෙනවා.
හෙට දිනයේදීද ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් අතර හමුවක් පැවැත්වීමට නියමිතයි.