Friday, September 13, 2024

General line - 0115112241

නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

දිනුක් හේවාවිතාරණ




වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු  දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ වන විනී මැන්ඩෙලා අද (2) අභාවප්‍රාප්ත වුනා. මිය යන විට ඇය 81 වැනි වියේ පසු වුනා. 
 
විනී මැන්ඩෙලා වඩාත් ජනප්‍රියට පත් වූයේ වසර 27කට පසු නෙල්සන් මැන්ඩෙලා සිරෙන් නිදහස ලබා පිටතට පැමිණ ඇගේ අතින් අල්ලා ගෙන ඉදිරියට  එන අයුරු දැක්වෙන ඡායාරූපයත් සමගයි. එම අවස්ථාව දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති වර්ණභේදවාදයට එරෙහි සටනේ සංකේතාත්මක අවස්ථාවක් ලෙස විචාරකයින් හැදින්වුවා. කෙසේ නමුත් නෙල්සන් මැන්ඩෙලා සහ  විනී මැන්ඩෙලා 1996 වසරේ දී දික්කසාද වුනා.

දිගු කලක් තිස්සේ රෝගාතුරව සිටි ඇය අද සිය අවසන් හුස්ම හෙළු බව ඇයගේ පවුලේ සමිපතයින් කියා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.