පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ උවමනාවකටදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර සැක පළ කරනවා.
ඔහු ඒ බව පැවසුවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම නිළධාරීන්ගේ සුවදුක් බැලීම සදහා අද වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් පිටතට පැමිණීමෙන් පසුවයි.