විශ්වාසභංග යෝජනාවෙන් පසු නව බදු පනතට එරෙහිවද බලපෑම් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඒ පිළිබද කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත්රි දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ විශ්වාසභංගය ජය ගැනීමෙන් පසුව ජනතාවට පිඩාවක් බවට පත්ව තිබෙන මෙම බදු පනතට එරෙහිව කටයුතු කරන බවත් එය කිරීමට හැකියාව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට හා ශ්රී ලංකා නිදහස් පක්ෂයට පමණක් බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී විමල් විරවංශ, වත්මන් ආණ්ඩුව ජනතා අපේක්ෂා තේරුම්ගෙන නැති බවට ප්රකාශ කරනවා. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු සුලූතර කණ්ඩායමක් රට පාපන්දුවක් ලෙස සලකමින් ජනතා අපේක්ෂා සමඟ ක්රිඩා කරමින් සිටින බවටයි ඔහු චෝදනා කළේ.